Thursday, January 23, 2020

ථෙරවාද කළපීය රටවල් සහ ප්‍රදේශ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීම පිලිබඳ යෝජනාවලිය රාමඤඤ නිකායේ මහනායක ධුරන්දර අති පූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්තානයේ දී පිළිගැන් වූ අවස්ථාව ( 2020.1.11 ).

චීනය ඇතුළු ථෙරවාද කාලාපයේ රටවල ආධ්‍යාත්මික, සංස්කෘතික, අධ්‍යාපනික,දේශපාලනික හා ආර්ථික සහයෝගීතාවක් ඇති කර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කිරීමට පිළබඳ යෝජනාවලියක්, 2020.01.11 වැනි දින, හුරීකඩුව, විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථායේ දී, ශ්‍රීලංකා රාමඤඤ මහ නිකායේ මහනායක ධුරන්දර අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේට, කාරක සංඝ සභික අති පූජ්‍ය අංකුඹුරේ පේමවංශ නායක ස්වාමීන්වහන්සේට, හුරීකඩුවේ පඤඤාසේඛර ස්වාමීන්වහන්සේට සහ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වන ලදී.ඒ මොහොතේම අති පූජ්‍යය මහනාහිමිපාණන් විසින් ගාථාවක් ද රචනා කරන ලදී (ගාථාවේ ඡායාරූපය බලන්න).
මේ අවස්ථාවට පූජ්‍ය උඩවත්තේ විමලබුද්ධි හිමිපාණන් වහන්සේ, මහාචාර්ය කේ.එම්. විජේරත්න, ආචාර්ය අබේ රත්නායක, ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති, ගෞඅරව ශාස්ත්‍රවේදී ජී.පී. සමීර ප්‍රසංග යන මහත්වරු ද සහභාගී වූහ. මේ අවස්තාව උදා කර දුන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට, ජනාධිපති තුමාගේ පුද්ගලික ලේකම් අප හිතවත් සුගීෂ්වර බණ්ඩාර මහතාට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් හේමන්ත ජයවර්ධන මහතාට අපගේ විශේෂ ස්තුතිය පුද කරමු.
















Wednesday, January 22, 2020

President engaged to revive links with Theravada Buddhist countries

Sihanadha organization, a body of academics, has submitted a set of proposals for President Gotabaya Rajapaksa to revive Sri Lanka’s diplomatic relations with the countries and the regions with Theravada Buddhist traditions.
Senior lecturer Sumedha Weerawardhana of Peradeniya University told Daily Mirror on behalf of the organization that Sri Lanka should rediscover its links with the Theravada Buddhist countries- Myanmar, Thailand, Cambodia and Laos.  
“Sri Lanka is yet to have resident missions in Cambodia and Laos despite them being the
countries with Theravada Buddhist countries. Besides, there are regions with such traditions in China and Vietnam. Yunan province of China is one of them. We are asking the President set up consular offices in Kunming which is the capital of Yunan. Also, we would like the President to take steps for such a mission in Ho Chi Minh City of Vietnam,” he said.
Asserting that Theravada Buddhism travelled to these countries from Sri Lanka, he said Sri Lanka should start fresh cultural exchanges with these countries for both religious and tourism benefits.  
“The President was elected by the Buddhists in main this time. Scholarship of Sri Lankan Buddhist monks on Pali language is excellence. In fact, theirs is the best. Sri Lanka should conduct a test on the Pali language at international level,” he said.
He also said Sri Lanka should take the initiative to set up an internationally accredited Pirivena as the seat of Theravada Buddhist learning.
“We also included a proposal for international grouping of Theravada Buddhist countries in similar line with SAARC or any such body,” he said. (Kelum Bandara)

සු මාතාව අගයමු ථෙරවාදීන් සුරකිමු

බුරුමය ථෙරවාදී බෞද්ධ රටකි. ඈත අතීතයේ සිටම බුරුමයත් ලංකාවත් අතර ආගමික සබඳතා මෙන්ම රාජතාන්ත‍්‍රික සබඳතා ද පැවතිණ. භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙළෙඳ ප‍්‍රධානීහු ද මෙම සම්බන්ධතා ගොඩනැගීමට මූලික වූහ. ලංකාවේ මෙන්ම බුරුමයේද ථෙරවාදී බුදු දහම පිහිටුවන ලද්දේ භාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ (ක‍්‍රි.පූ. 268 – 233) මූලිකත්වයෙන් පාඨලීපුත්ත නගරයෙන් පිටත්ව ගිය ධර්මතයන් වහන්සේලා විසිනි. සෝණ හා උත්තර දෙදෙනා වහන්සේගේ් නායකත්වයෙන් යුත් ධර්ම දූතයින් ස්වර්ණ භූමියට වැඩම කළ බව වංශ කථාවල සඳහන් වෙයි. මේ ස්වර්ණභූමිය යනු බුරුමයයි.

 ලංකාව හා බුරුමය යන බෞද්ධ රටවල් දෙකේ ආගමික හා සංස්කෘතික සබඳතා තහවුරු කර ගැනීමට අනුරාධපුර මහා විහාරය ප‍්‍රධානත්වය ගෙන ඇත. රුවන්වැලි මහා සෑයේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වූ නියෝජිත පිරිස පිළිබඳ විස්තරයේ සූරිය ගුප්ත තෙරුන් පැමිණියේ බුරුමයෙනි. දුටුගැමුණු රජතුමාගේ යුද සටන් හා විහාරමහා දේවිය පිළිබඳ පුවත් බුරුමයේ පේගු හා මණ්ඩලේ වැනි නගරවල පිහිටි පුරාණ විහාරස්ථානවල බිතුසිතුවම් අතර දක්නට ලැබේ. ඒ අනුව ක‍්‍රි. පූ. දෙවන සියවස වන විට බුරුම වැසියන් ශ‍්‍රී ලංකාව ගැන දැනගෙන සිටින්නට ඇති බව මෙයින් අනුමාන කළ හැකිය. බුද්ධඝෝෂ තෙරුන් ලංකාවට පැමිණ අටුවා කරණය කොට ඒවා බුරුම අකුරෙන් ලියා බුරුමයට රැුගෙන ගිය කතාවක් ද බුරුම ජනප‍්‍රවාදවලින් කියවේ. බුරුමය රාමඤ්ඤ දේශය ලෙස ද හඳුන්වනු ලබයි.
පළමුවන විමලධර්මසූරිය රජු දවස ලංකාවේ උපසම්පදා භික්ෂුන්ගේ ඌනතාවයක් දක්නට ලැබුණු බැවින් රාමඤ්ඤ දේශයෙන් පැමිණි නන්දිවක්ක තෙරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පේරාදෙණියේ ගැටඹේ තොටෙහි ඉදිකළ උදකුක්ඛෙප සීමාවේදී උපසම්පදා විනය කර්මයක් කරන ලදී. ඉන් වසර 100 කට පසුව දෙවන විමලධර්මසූරිය රජු දවස නැවතත් බුරුමයේ රක්ඛංග දේශයෙන් භික්ෂූන් වැඩමවා ගැටඹේ තොටෙහිදී 33 නමක් උපසම්පදා කළ බවත් 120 ක් සාමණේර බවට පත් කළ බවත් සඳහන් වේ. වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන් පැවිද්ද ලබා ගත්තේ ද බුරුමයේ රක්ඛංග උපසම්පදාවෙන් උපසම්පත්තිය ලබා ගත් සූරියගොඩ කිත්සිරිමෙවන් රාජසුන්දර තෙරුන්ගෙනි.
වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ අපවත් වී දශක දෙකක් පමණ ගතවෙද්දී පහතරට විසූ වැලිතර අඹගහපිටියේ ඤාණවිමලතිස්ස සාමණේරයන් ප‍්‍රධාන පිරිස දහඅටවන ශතවර්ෂය අගභාගයේදී උතුරු බුරුමයේ අමරපුර රාජධානියේ භික්ෂූ සංඝයා සමග සබඳතා ඇතිකර ගන්නා ලදී. මේ සම්බන්ධය නිසා ශ‍්‍රී ලංකාවේ වර්තමානය දක්වා පවතින අමරපුර නිකාය බිහිවිය. ඤාණවිමලතිස්ස සාමණේරයන්ගේ් උපසම්පදාව සඳහා සියලූ අනුග‍්‍රහය සලසන ලද්දේ එවකට බුරුමයේ සංඝරාජ ධුරය දැරූ ඤාණාභිවංස ධම්ම සේනාපති රාජාධිරාජ ගුරු තෙරුන්වහන්සේ විසිනි. 

පසු කලෙක (1864* දී පිහිටුවන ලද රාමඤ්ඤ නිකාය ආරම්භ වූයේ අඹගහවත්තේ සරණංකර (පසුව අඹගහවත්තේ ඉන්ද්‍රා සභවරඤාණ සාමි* තෙරුන් ක‍්‍රි.ව. 1860 දී උතුරු බුරුමයට ගොස් මණ්ඩලය නගරයේදී එවකට සංඝරාජයාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබා යළි දකුණු බුරුමයේ රාමඤ්ඤ දේශයේ කල්‍යාණි සීමාවෙන් පුනශික්ෂාවද ලබාගෙන ලංකාවට පැමිණීමෙන් අනතුරුවය. 2500 බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන හය වන මහා ත‍්‍රිපිටක ධර්ම සංගායනාව වසර හතරක් තිස්සේ පවත්වන ලද්දේ බුරුමයේ ය. මෙම සංගායනාව සඳහා ලංකාවෙන් වැඩම වූ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, ධර්මධර තෙරුවරු දෙනමට අග්ගමහා පණ්ඩිත යන ගරු නාමය ද ප‍්‍රදානය කරන ලද්දේ සංගීතිකාරක බුරුම යතිවරුන් විසිනි.
මේ අතීතය යළි සිහි කළයුත්තේ මන්ද? මෙරට සිංහල බෞද්ධයින් සැමවිටම බුරුම ථෙරවාදීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු නිසාය. බුරුමය හා අප අතර දැඩි බැඳීමක් ඇත්තේ බුදු දහම නිසාය. 2017 අගෝස්තුවේදී රෝහින්ග්‍යා ජනයා බංග්ලාදේශයට පලා යන විට ලෝකයම බුරුම බෞද්ධයින්ට නිග‍්‍රහ කරන්නට විය. බෞද්ධයන් අතින් මුස්ලිම් රෝහින්ග්‍යාවරුන්ට අකටයුතුකම් කෙරෙන බව වහාබ්වාදය පතුරන කටාර් රජයේ රූපවාහිනි සේවය වන අල් ජසීරාව ලොව පුරා ප‍්‍රචාරය කළ බව අපි එදා දුටුවෙමු. එහෙත් 2017 දීත් දිවයින පුවත්පතට ”බුරුම ථෙරවාදීන් සුරකිමු!” නමින් ලිපියක් ලියමින් අප ප‍්‍රකාශ කළේ කුමක්ද? බුරුම ථෙරවාදීන් වෙනුවෙන් පෙනී සිටීම සිංහල බෞද්ධයාගේ යුතුකම වන බවයි.
පසුගිය 11 වැනිදා බුරුම නායිකාව එනම් මියන්මාර් පාලනයේ නිල නොවන එහෙත් සැබෑ පාලිකාව වන අවුං සාන් සූචී ”හේග්” නගරයේ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය :ෂක්‍න්‍* ඉදිරියේ පෙනී සිටියාය. එහිදී ඇය ප‍්‍රකාශ කළේ බුරුම හමුදාව කිසිම විටක මහා ජන ඝාතනයක් නොකළ බවය. පුරා වසර 15ක් තමාව නිවාස අඩස්සියේ තබාගෙන සිටි බුරුම හමුදාවේ නිර්දෝෂී භාවය වෙනුවෙන් අවුං සාන් සූචී පෙනී සිටියේ මන්ද? තම මව්බිම බේරා ගැනීමටය. බුරුමය විශේෂයෙන් ථෙරවාදීන් ගලවා ගැනීම සඳහාය. යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය විනිසුරුවන් 17 දෙනා ඉදිරියේ තනිව සිටගනිමින් පැවසුවේ කුමක්ද? 2017 දී ලක්ෂ 07ක පිරිසක් රකීන් ප‍්‍රාන්තයේ සිට බංග්ලාදේශයට පලා ගියා මිස එතැන සිතාමතා සැලැසුම් කරන ලද මහා පරිමාණයේ වාර්ගික ශුද්ධයක් අරමුණු කරගත් යුද මෙහෙයුමක් කිසි විටකත් සිදු නොවුණු බවයි. පසුගිය නොවැම්බර් මාසයේ එරට පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අවුං සාන් සුචී හේග් අධිකරණයේ දී තමා පෞද්ගලිකවම තම රට වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළාය.
මුල්පෙළේ ජාත්‍යන්තර නීතිවේදීන් කණ්ඩායමක් ද සමඟ මියන්මාරයේ විදේශ ඇමැතිවරිය ලෙස ඇය යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව මේ පැමිණිල්ල ප‍්‍රතික්ෂේප කළ යුතු බවද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළාය. බුරුමයට ඇති විශාලතම අභියෝගය වන්නේ අවිශ්වාසය හා බිය, අගතිය සහ වෛරයේ මූලයන් ආමන්ත‍්‍රණය කිරීම බව ඇය මෙහිදී අවධාරණය කර තිබේ. රටේ නිලනොවන නායිකාව වුවත් හමුදාව ඇගේ පාලනය යටතට පත් නොවෙයි. බුරුමයේ සිවිල් ආණ්ඩුවටත් වඩා හමුදාව බලවත්ය. බටහිරට අවශ්‍ය වන්නේ බුරුම හමුදාව දුර්වල කිරීමටය. නමුත් මේ උගුලේ හිර වුවහොත් රටම අරාජික වන බව අවුං සාන් සූචී දනී. 

නොබෙල් සාම ත්‍යාගලාභිනියක් වන ඇය බුරුම හමුදාව වෙනුවෙන් පෙනී සිටීමට පැමිණීම ජාත්‍යන්තර මාධ්‍යවලට ඉවසා ගත නොහැක. ඔවුහු පසුගිය සතිය පුරාම මේ නායිකාවට නිග‍්‍රහ කළහ. මේ බෞද්ධ නායිකාව වැරදිකරුවකු ලෙස හුවා දැක්වීමට විදෙස් මාධ්‍ය දැඩි උත්සාහයක නිරතව සිටින අතර ජාත්‍යන්තරයේදී දැන් ඇයට අඩු සැලකීමක් ලැබෙන බව පවසමින් අවඥාවට ලක්කරන ආකාරය ද දැකිය හැකි විය. නමුත් අවුං සාන් සූචී උපන් බිම පාවා දුන්නේ නැත. එම නිසාම පසුගිය 14 වැනිදා මේ නායිකාව යළි සියරට බලා පැමිණි විට දහස් ගණන් බුරුම වැසියෝ නැපිටෝ ගුවන්තොටුපළ අවට රැුස්ව සිටියේ සිය අවංක උපහාරය දැක්වීම පිණිසය. ඇය දැන් ජාතික වීරවරියකි. රොයිටර් පුවත්සේවය සමග අදහස් දැක්වූබුරුම ගොවියකු වන කින් මොන්ග් සුවේ ප‍්‍රකාශ කර සිටියේ ”අපේ නායිකාව සු මාතාව හේග් නුවර අධිකරණයට ගියේ රට වෙනුවෙන් මේ චෝදනා ගොනු කරලා තිබුණේ හමුදාවට එරෙහිව, නමුත් ඇය රටේ නායිකාව ලෙස සියලූ වගකීම අරගෙන චෝදනාවලට පිළිතුරු දෙන්න ගියා. ඒක විශේෂයි” යනුවෙනි.
‘හේග්’ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ලියකියවිලිවලට අනුව, රෝහින්ග්‍යා ජනයාට එරෙහිව ”සිතාමතා සැලැසුම් කරන ලද මහා පරිමාණයේ වාර්ගික ශුද්ධයක් අරමුණු කරගත් යුද මෙහෙයුමක්” 2016 වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කොට, 2017 අගෝස්තු මාසයේ එය එහි උච්ඡු තත්ත්වයට ගෙන ආ බවට බුරුම යුද හමුදාවට චෝදනා එල්ල කර තිබිණි. බුරුමයට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර තිබුණේ ‘ගැම්බියාව’ විසිනි. ගැම්බියාව බටහිර අප‍්‍රිකානු කලාපයේ පිහිටි මුස්ලිම් සමාජ බහුතරයක් සහිත කුඩා රාජ්‍යයකි. යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට තම තීන්දුව බලාත්මක කිරීමට ක‍්‍රමයක් නැතත්, එම තීන්දුව මගින් වැරදිකරු යයි ප‍්‍රකාශ කෙරුණොත් බුරුමයට විශාල ආර්ථික හානියකට මෙන්ම අපකීර්තියකට මුහුණ දීමට සිදුවනු ඇත. බුරුම ථෙරවාදීන්ට එරෙහිව බටහිර කුමන්ත‍්‍රණය ඇරඹුණේ අද ඊයේ නම් නොවේ.
එදා 2013 දී අශ්වින් විරාතු හිමියන් බෞද්ධ බින් ලාඩන් ලෙස හඳුන්වමින් ටයිම් සඟරාවට ලිපියක් ලියා පළ කරනු ලැබුවේ හැනා බීච් මාධ්‍යවේදිනිය විසිනි. ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ ප‍්‍රධානියාය. එදා ටයිම් සඟරාවේ මුල් පිටුව සැරසුනේ ද විරාතු හිමියන්ගේ සේයාරුවකිනි. ‘බෞද්ධ ත‍්‍රස්තවාදයේ මුහුණුවර’ :ඔයැ ත්‍්ජැ දෙ ඊමාායසිඑ ඔැරරදර* යන මාතෘකාවෙන් පළ වුණු ලිපිය හරහා විරාතු හිමියන්ට බරපතල නිග‍්‍රහයක් සිදුවිය. එය විරාතු හිමියන්ට පමණක් නොව පොදුවේ බෞද්ධයින්ටම එල්ල වූ ප‍්‍රහාරයක් විය. මීට වසර හයකට පෙර හැනා බීච් විරාතු හිමියන් ගැන ලියූ ලිපියේ කොටසක් මෙලෙස උපුටා දක්වමි.
”ඒ මුහුණේ පිළිමයක මෙන් ශාන්ත පෙනුමකි. ‘බුරුමයේ බින් ලාඩන්’ ලෙස හැඳින්වෙන බෞද්ධ භික්ෂුව දේශනාව අරඹයි. ඉදිරිපස සිය ගණනක් බැතිමතුන් සිටියේ දෙඅත් එකට තබාගෙනය. ඔවුන්ගේ ඇලෙනසුලූ පිට දිගේ දහඩිය ගලා යයි. සංඥාවකට අනුව ඔවුහු බර්ගන්ඩි සිවුරක් හැඳි මිනිසා සමග තාලයට ගායනා කරති. රැුංගුන් අගනුවරට පසුව බුරුමයේ දෙවැනි විශාල නගරය වන මණ්ඩලේ හි පිහිටි මේ පුදබිමේ උණුසුම් අහස ඒ මන්ත‍්‍රවලින් පිරී යයි. පෙනෙන ආකාරයට එය සාමකාමී දසුනකි. එහෙත් විරාතුගේ හඬෙහි ද්වේශය අඩංගුය. සංසුන්ව සිටිය යුතු කාලයක් නෙවෙයි මේක, භික්ෂුව දේශනා කරයි. බෞද්ධයන් බහුතරයක් වසන රටක සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී අදහස් සහිත එම දේශනයට වැය කෙරෙන කාලය මිනිත්තු 90කි. උදා වෙලා තිබෙන්නෙ නැගිටිය යුතු කාලයයි. ඔබේ ලේ උණුසුම් කළ යුතු කාලයයි. (උපුටා ගැනීම අවසන්.)
හැනා බීච් මීට මාස කිහිපයකට පෙර ‘ශ‍්‍රී ලංකාව හා බුරුමය: බෞද්ධ යුදකාමිත්වයක් මතුව තිබේද…’ යනුවෙන් ලිපියක් ලියමින් උත්සහ කළේ කුමකටද? ථෙරවාදීන්ට පහර දීමටය. එය දැන් හේග් නුවරටත් ගොස් තිබේ. සිරියාවේ ඉරාකයේ මෙන්ම ඇෆ්ගනිස්තානයේ ද මහා ජන ඝාතන සිදුවිය. ඒවාට එරෙහිව ගැම්බියාව හේග් අධිකරණයට පැමිණිලි කරන්නට ගියේ නැත. නමුත් බුරුමයේ ප‍්‍රශ්නය සැමට මහා විපතක් ලෙස පෙනෙන්නේ මන්ද? මේ බෞද්ධ රාජ්‍ය උගුලේ හිර කිරීම සඳහාය. එහෙත් රකීන් ප‍්‍රාන්තයේ සිදු වූ මුස්ලිම් අන්තවාදී ප‍්‍රහාර ගැන ලෝකය නිහඬය. 

චෙච්නියාවේ සිට පැමිණි මුස්ලිම් අන්තවාදීන්ද රෝහින්ග්‍යා කැරලිකාරීන් පිටුපස සිටින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මීට කලකට වාර්තා කර තිබිණි. කෙසේ නමුත් මේ බෞද්ධ දේශය සුරැුකීම වෙනුවෙන් ථෙරවාදී බෞද්ධ ලෝකයම එකතු විය යුතු බව අවධාරණය කරමි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් මේ ගැන අවදියෙන් සිටීම වැදගත්ය. එකොළොස් වන සියවසේදී අනුරුද්ධ හෙවත් අනෝරථ රජු බුරුමයේ බෞද්ධ රාජ්‍යයක් ගොඩනැඟීය. බුරුම රාජ්‍යය එක්සේසත් කළ රජු ඔහුය. අනෝරථ රජුට සමකාලීනව ලංකාව පාලනය කළේ පළමු වන විජයබාහු රජතුමාය. එතුමා හා බුරුම රජු හා පැවැති සබඳතා නිසා දෙරටේ ආගමික දියුණුව ඇතිවිය. මේ අතීතය අප අමතක කළ යුතු නැත.
චතුර පමුණුව

Tuesday, January 21, 2020

චීනය ඇතුළු ථෙරවාද රටවල් සමග ආර්ථික මෙන්ම සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව.

චීනය ඇතුළු ථෙරවාද රටවල් සමග ආර්ථික මෙන්ම සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව.
දකුණු බුදුදහමේ හෙවත් ථෙරවාද බුදුදහමේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. චීනයේ යුනාන් ප්‍රාන්තයට බුදුදහම පැතිරී ඇත්තේ අප රටිනි. එමෙන්ම වරක් හෝ දෙවරක් මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය සහ දකුණු වියට්නාමය හෙවත් ච්ම්පාවේ බුදුදහම යලි පුනර්ජීවනය ලැබීමට සිංහල බුදුදහමේ සහයෝගය නොඅඩුව ලැබිණි. පසුව අපට ද ඔවුන්ගේ සහයෝගය ලැබුණු බව වර්තමාන අපේ නිකාය තුනේ නම්වලින් පවා පැහැදිලි වේ.
සිංහල රාජකීයයන් වඳවී වී ගිය පසු අපි ජාතියෙන් තායි හෝ බුරුම බෞද්ධ කුමාරවරු මෙරටට ගෙන්වා අපේ රටේ රජු බවට පත් කර ගැනීමට ද උත්සාහ කර ඇත. අපට ඒ රටවල් සමඟ ආර්ථික මෙන්ම සංස්කෘතික දේශපාලනික ආදී සෑම ක්ෂේත්‍රයකම සහයෝගීතාව වර්ධනය කරගැනීමට අවශ්‍ය වේ. එමෙන්ම බංගලාදේශයේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ මෙන්ම වෙනත් රටවල ථෙරවාදීන් ට අපගේ සහයෝගීතාව ලබාදිය යුතු වන්නෙමු. මහායාන සහ තන්ත්‍රයාන බෞද්ධ රටවල් සමඟත් අපේ සහයෝගීතාව වඩා වර්ධනය කරගැනීමට රජයේ අවධානය යොමුවිය යුතු ය.
මේ පිලිබඳ සංවාදයක් ඇතිකර ඒ ගැන අපේ ජනාධිපති තුමා, අගමැතිතුමා ඇතුළු රජයේ සහ විපක්ෂනායක තුමා ගේ ද අවධානය යොමු කර මේ කර්තව්‍යය ප්‍රයෝගික වැඩපිළිවෙලක් බවට පත් කරගැනීම අත්‍යවශ්‍ය වේ.මේ පිළිබඳව ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල, මහාචාර්ය චන්න ජයසුමන , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉෂන්ක මල්සිරි, ජී.පී. සමීර ප්‍රසංග, කථිකාචාර්ය බුද්ධික කෝනාර වැනි වියතුන්ගේ අවධානය යොමුවේවා.

සුමේධ වීරවර්ධන 











ථෙරවාද කලාපය සහ එම කලාපයට අයත් රටවල් සහ ප්‍රදේශ සමඟ විදේශ සබඳතා පැවැත්වීම (යෝජනා මාලාව)


සම්පාදනය:

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

076 – 936 6371 | iamwaruna@yahoo.com


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

076 – 229 0865 | sumedha.nef@gmail.com




අප විසින් ඉදිරිපත් කරනු ලබන
මෙම යෝජනා මාලාව
බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා
හේතු කාරක වේවා!



2020 ජනවාරි





හැඳින්වීම


ජාතියක් වශයෙන් ඈත අතීතයේ සිට ම අපට පොදු අරමුණක් වෙයි. ඒ අන් කිසිවක් නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ය. මහා විහාරය ස්ථාපනය කිරීමේ දී ද, දුටුගැමුණු රජු විසින් ආක්‍රමණිකයාගෙන් රට මුදා ගැනීමට කළ සටනේ දී ද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී ද, අටුවා ලිවීමේ දී ද, පොළොන්නරුවේ මහා ශාසන ශෝධන කාර්යයේ දී ද, දඹදෙණිය යුගයේ දී ධර්ම ග්‍රන්ථ ලිවීමේ දී ද, නැවත උපසම්පදාව හඳුන්වා දීමේ දී ද, බ්‍රිතාන්‍යය කිරීටයට අප රටෙහි පාලනය පවරා දුන් ගිවිසුමේ දී ද, අවසාන වශයෙන් අප විසින් සම්පාදනය කරගත් ජනරජ ව්‍යවස්ථා දෙකෙහි ම ද මෙම උදාර වූ කාර්යය අප විසින් අවධාරණය කරනු ලැබ තිබේ.

බුද්ධ ශාසනය සුරක්‍ෂිත වන තාක් කල් අප ජාතියක් වශයෙන් ආරක්‍ෂා වනු නිසැක ය. එහෙයින් අපි බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය වෙනුවෙන්, එහි ආරක්‍ෂාව වෙනුවෙන් ජාතියේ සතුරන් සමඟ සටන් වැදීමට ද කටයුතු කර ඇත්තෙමු. එයින් නො නැවතී අපගේ උතුම් ථෙරවාදී ශාසනය අග්නිදිග ආසියාතික රාජ්‍යයන් තුළ ස්ථාපිත කරවීමට ද අපි කටයුතු කර ඇත්තෙමු. ලන්දේසි පාලන කාලය තුළ අපගේ ශාසන සම්ප්‍රදායයන් අනතුරට මුහුණ පෑ විට අප නැවතත් උපසම්පදාව ලබා ගත්තේ අප විසින් ම මුල් බුද්ධ ශාසනය ස්ථාපිත කළ තායිලන්තය (සියමය) සහ මියන්මාරය (අමරපුර සහ රාමඤ්ඤ) යන රටවලිනි.

එහෙයින් අග්නිදිග ආසියාතික රටවල් සහ ආශ්‍රිත ප්‍රදේශ සමඟ අප පවත්වන විදේශ සබඳතා බුද්ධ ශාසනයෙහි චිරස්ථිතියට අදාළ මූලික අවශ්‍යතාවක් ලෙසින් අපි හඳුනාගෙන සිටිමු. මෙම යෝජනා මාලාව ඉදිරිපත් කරනු ලබන්නේ උක්ත අවබෝධය පදනම් කරගෙන ය.



ශ්‍රී ලංකාව ප්‍රමුඛ කරගත් මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය යන රටවල්වල ද, දකුණු වියට්නාමයේ ද, චීනයේ යුන්නාන් පළාතට අයත් ශිෂුඅන්පන්නා ප්‍රදේශයේ ද ජනතාව ථෙරවාද බුදුදහම අනුගමනය කරනු ලබයි. එහෙයින් මෙම රාජ්‍යයන්ගෙන් සහ ප්‍රදේශවලින් ආවරණය වන ප්‍රදේශය “ථෙරවාද කලාපය” ලෙසින් හැඳින්වෙයි. “ථෙරවාද කලාපයේ රටවල් සමඟ විදේශ සබඳතා පැවැත්වීම” ලෙසින් මෙම යෝජනා මාලාව නම් කෙරී ඇත්තේ ද එබැවිනි.

එහෙයින් ‍ මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය සහ චීනය සමඟ අප පවත්වන විදේශ සබඳතා අපගේ ජාතික අරමුණ වන බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අදාළ වන අයුරින් ප්‍රතිසංවිධානය කරගැනීම මෙම යෝජනා මාලාවේ මූලික ම අරමුණ වේ.

තව ද ථෙරවාද කලාපයේ අනෙකුත් රාජ්‍යයන්ගේ සහ ප්‍රදේශවල වසන බෞද්ධ ජනතාව විසින් අපගේ රට ඔවුන් පිළිපදින බුදු දහමෙහි මහ ගෙදර වශයෙන් සළකනු ලබන සම්ප්‍රදායයක් ද පැවැතුණි. ඔවුහු තවමත් ඒ පිළිබඳ ව තම අදහස් පළකිරීම ඒ සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය. ශ්‍රී ලංකාව යනු ථෙරවාද කලාපය නිරූපණය වන මකරාගේ හිස ලෙසින් ද තමන්ගේ ප්‍රදේශය එම මකරාගේ වල්ගය ලෙසින් ද චීනයේ යුන්නාන් පළාතට අයත් ශිෂුඅන්පන්නා ප්‍රදේශයේ ජනතාව හඳුන්වති. කතෝලික ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට වතිකානුව සළකන අයුරින් ම, මුස්ලිම් ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට සෞදි අරාබිය සළකන අයුරින් ම, තන්ත්‍රයාන බුදු දහම පිළිපදින ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට චීනයේ ටිබෙටය සළකන අයුරින් ම, ථෙරවාද බුදු දහම පිළිපදින සියලු ජනතාව විසින් තම ආගමික මූලස්ථානය ලෙසට ශ්‍රී ලංකාව සළකයි.

ථෙරවාද කලාපය තුළ ජීවත්වන අප විසින් බෙදා හදා ගනු ලැබ ඇත්තේ අපගේ ශාසනික සම්ප්‍රදායයන් පමණක් ම ද නොවේ. අපගේ අවුරුදු සැමරීම් වැනි චාරිත්‍ර, භාෂා සම්ප්‍රදායයන් වැනි සංස්කෘතික අංගෝපාංග විශාල ප්‍රමාණයක් ද අපි එකිනෙකා අතර බෙදා හදාගෙන සිටිමු.

කෙසේ වුව ද, පසුගිය කාලයේ දී අපගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී බුද්ධ ශාසනයේ චිරස්ථිතිය යන ජාතික අරමුණ අමතක කර කටයුතු කිරීම නිසා කලාපය තුළ අපගේ ප්‍රමුඛතාව ද ඒ තුළින් අප හට ලබා ගත හැකි ශාසනික, සමාජයීය, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික ප්‍රතිලාභ ද සැළකිය යුතු මට්ටමකින් අහිමි කරගෙන සිටිමු. කාම්බෝජය සහ ලාඕසය යන රාජ්‍යයන් සමඟ සෘජු රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීම ද අපට මග හැරී තිබේ.

මෙම අතපසුවීම වහා නිවැරැදි කරගත යුතු ව තිබේ. අපගේ උතුම් ජාතික අරමුණ හොඳින් අවබෝධ කරගත් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් වී තිබෙන මෙම මොහොතේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ ජාතියේ සමාජ - ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ථෙරවාද කලාපය සමඟ මනා සබඳතා තහවුරු කරගෙන ඉතා සක්‍රීය සහ අර්ථාන්විත රාජ තාන්ත්‍රික කටයුතු පැවැත්වීම ඉතා ශක්තිමත් කළ හැකි බව අපගේ විශ්වාසයයි. එහෙයින් එම විශ්වාසය මත පදනම් වී උක්ත අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා මෙම යෝජනා මාලාව අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.



චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
චිරං රක්ඛන්තු ලංකා දීපං





1 වැනි යෝජනාව - කාම්බෝජය සහ ලාඕසය සමඟ තානාපති සබඳතා ඇති කරගැනීම



ථෙරවාදි කලාපයට අයත් බෞද්ධ රාජ්‍යයන් අතුරින් දැනට අප තානාපති සබඳතා පවත්වන්නේ මියන්මාරය සහ තායිලන්තය සමග පමණි. අවුරුදු දහස් ගණනක් අතීතයට විහිදෙන ශාසනික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා තිබුණ ද අප තවමත් කාම්බෝජය සහ ලාඕසය සමග තානාපති සබඳතා ඇති කරගෙන නැත. එහෙයින් ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම රටවල් දෙක සමග තානාපති සබඳතා ඇති කරගැනීමට කටයුතු කරන මෙන් අපි මෙයින් යෝජනා කර සිටිමු.





2 වැනි යෝජනාව - චීනයේ යුන්-නාන් පළාතේ කුන්-මිං නගරයේ ශ්‍රී ලංකා ප්‍රදූත කටයුතු (කොන්සියුලර්) කාර්යාලයක් පිහිටුවීම



චීනයේ ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත වී ඇති නිරිතදිග යුන්-නාන් පළාතට අයත් ශිෂුඅන්පන්නා ප්‍රදේශයෙහි ය. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇති පෙයි-චිං නගරයේ සිට ශිෂුඅන්පන්නා ප්‍රදේශයට ඇති දුර කිලෝ මීටර් 3100 ක් පමණ වේ. ශ්‍රී ලංකා පුදූත කාර්යාලයක් පිහිටා ඇති ශං-හයි නගරයේ සිට ශිෂුඅන්පන්නා ප්‍රදේශයට ඇති දුර කිලෝ මීටර් 2900 ක් පමණ වේ. ශ්‍රී ලංකා ප්‍රදූත කාර්යාලයක් පිහිටා ඇති කුඅන්-චෝ නගරයේ සිට ශිෂුඅන්පන්නා ප්‍රදේශයට ඇති දුර කිලෝ මීටර් 1800 ක් පමණ වේ. එහෙයින් එම කාර්යාලවල සිට ශිෂුඅන්පන්නා ප්‍රදේශය සමඟ සබඳතා පැවැත්වීම ඉතාමත් දුෂ්කර ය.

එහෙයින් යුන්-නාන් පළාතේ පාලන මධ්‍යස්ථානය වන කුන්-මිං නගරයෙහි (එම නගරයේ සිට ශිෂුඅන්පන්නා ප්‍රදේශයට ඇති දුර කිලෝ මීටර් 500 ක් පමණ වේ) ශ්‍රී ලංකා ප්‍රදූත කටයුතු (කොන්සියුලර්) කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන මෙන් අපි මෙයින් යෝජනා කර සිටිමු.



3 වැනි යෝජනාව - වියට්නාමයේ හො-චි-මිං නගරයේ ශ්‍රී ලංකා ප්‍රදූත කටයුතු (කොන්සියුලර්) කාර්යාලයක් පිහිටුවීම



වියට්නාමයේ ථෙරවාද බුදු දහම ප්‍රචලිත වී ඇත්තේ එ රට මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ය. ඈත ඉතිහාසයේ දී අප ශාසනික, සමාජයීය සහ සංස්කෘතික සබදතා පැවැත්වූයේ ද එම ප්‍රදේශයේ පිහිටා තිබුණු චම්පා රාජ්‍යයත් සමඟ ය. වර්තමානයේ දී එම ප්‍රදේශය ද වියට්නාම පාලනයට අයත් ය. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ හැනෝයි නගරයේ ය. වියට්නාමයේ පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයකු 2014 වසරේ සිට ගරු සේවා ප්‍රදූතයකු (Honorary Consul) වශයෙන් හො-චි-මිං නගරයට පත් කරනු ලැබ තිබේ. එ නමුදු, කොමියුනිස්ට් පාලනයක් පවතින වියට්නාමයේ ආගමික කටයුතුවල නිරත වීමට නම් පූර්ණ බලතල පැවරුනු ප්‍රදූත කටයුතු කාර්යාලයක් හො-චි-මිං නගරයේ පිහිටුවිය යුතු වේ.



4 වැනි යෝජනාව - ථෙරවාදි කලාපයට අයත් රටවල සහ ආශ්‍රිත ප්‍රදේශවල රාජතාන්ත්‍රික කටයුතු සඳහා අදාළ විෂයය කරුණු පිළිබඳ දැනුම, හැකියාව සහ උවමනාව ඇති පිරිසක් පත්කිරීම


ථෙරවාද කලාපය සමඟ රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය ය. එහෙයින් එම රටවල දැනට පිහිටා ඇති සහ මෙම යෝජනා මාලාවේ සඳහන් පරිදි ඉදිරියේ දී පිහිටුවනු ලබන තානාපති කාර්යාලවලට සහ ප්‍රදූත කටයුතු (කොන්සියුලර්) කාර්යාලවලට නිලධාරීන් පත් කර යැවීමේ දී අදාළ විෂයය කරුණු පිළිබඳ දැනුම, හැකියාව සහ උවමනාව ඇති පිරිසක් පත් කරන මෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු. ඒ සඳහා සුදුසු යැයි අප සිතන පුද්ගලයන්ගේ නාම ලේඛනයක් ද මෙම යෝජනා මාලාවට අමුණා තිබේ.



5 වැනි යෝජනාව - ථෙරවාදි කලාපයට අයත් රටවල සහ ප්‍රදේශවල ශාසනික කටයුතු, භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදායයන්, සමාජ - සංස්කෘතික කටයුතු පිළිබඳ විමර්ශනය සඳහා විමර්ශන සහ පර්යේෂණ නිලධාරීන් පත්කිරීම



ථෙරවාදි කලාපයේ රාජ්‍යයන් සහ ප්‍රදේශ සමඟ අප පවත්වනු ලබන රාජතාන්ත්‍රික කටයුතු සාර්ථක කරගැනීමට සහ තව තවත් වර්ධනය කරගැනීමට නම් එම රටවල සහ ප්‍රදේශවල ශාසනික කටයුතු, භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදායයන්, සමාජ - සංස්කෘතික කටයුතු පිළිබඳ මනා අවබෝධයක් අප විසින් ඇති කරගත යුතු වේ. මෙය අපගේ විදේශ සබඳතාවලට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කාර්යයකි. එහෙයින් එම කාර්යයන්ගේ පූර්ණ කාලීන ව නිරත විය හැකි විමර්ශන සහ පර්යේෂණ නිලධාරින් පිරිසක් උක්ත තානාපති කාර්යාලවලට සහ ප්‍රදූත කටයුතු කාර්යාලවලට පත් කරන මෙන් අපි මෙයින් යෝජනා කරමු.



6 වැනි යෝජනාව - බෞද්ධ අධ්‍යයන කටයුතු සහ බෞද්ධ සංචාරක කටයුතු මුල් කරගත් කලාපීය හුවමාරු වැඩපිළිවෙළක් ආරම්භ කිරීම



ථෙරවාද කලාපය තුළ අප රටට ඇති ප්‍රමුඛතාව තහවුරු කළ හැක්කේ කලාපයේ අනෙකුත් රටවල සහ ප්‍රදේශවල සිට අප රටට පැමිණෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කිරීම මඟිනි. මේ සඳහා ශ්‍රී ලංකාව මුල් කරගත් බෞද්ධ අධ්‍යාපන කටයුතු සහ බෞද්ධ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කළ යුතු වේ. ථෙරවාද කලාපය තුළ දැනට ඇති සහ ඉදිරියේ දී පිහිටුවන තානාපති කාර්යාල සහ ප්‍රදූත කටයුතු කාර්යාල ද ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති අදාළ විෂයය භාර ආයතන ද සම්බන්ධීකරණයෙන් මෙම කාර්යය සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු වේ. ඒ සඳහා අදාළ ආයතනික පහසුකම් වැඩි කිරීම ද, පවත්නා ආයතනවල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ද අත්‍යාවශ්‍ය වේ. මේ සියල්ල ආවරණය වන නිශ්චිත වැඩපිළිවෙළක් යෝජනා කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු.



7 වැනි යෝජනාව - ජාත්‍යන්තර මට්ටමේ පාලි භාෂා විභාගයක් පැවැත්වීම



අතීතයේ දී ථෙරවාද කලාපයේ සබඳතා පැවැත්වූයේ පාලි භාෂාව මුල් කරගෙන ය. අදට ද කලාපයේ සෑම රටක ම සහ ප්‍රදේශයක ම ශාසනික කටයුතු සඳහා පාලි භාෂාව ව්‍යවහාර කෙරෙයි. අතීතයේ දී පාලි භාෂාව සම්මත අයුරින් ආරක්‍ෂා කරගෙන යෑම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලාංකිය භික්‍ෂූන්වහන්සේලා සහ පඬිවරුන් විසිනි. ඒ සඳහා කලාපයේ අනෙක් අයට අවශ්‍ය ගුරු හරුකම් සහ මගපෙන්වීම අප රටෙන් ලබා දුන්නේ ය. වර්තමානයේ දී ද අදාළ කාර්යය නිසි අයුරින් සිදු කිරීම අපගේ වගකීම වෙයි. එහෙයින් ඒ සඳහා උපස්ථම්භක වන ජාත්‍යන්තර මට්ටමේ පාලි භාෂා විභාගයක් පැවැත්විය යුතු බව අපි මෙයින් යෝජනා කර සිටිමු.



8 වැනි යෝජනාව - කලාපීය මූල මහා පිරිවෙන් ආයතනයක් පිහිටුවීම



ශ්‍රී ලංකාද්වීපය ඈත අතීතයෙහි සිට ම බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් ලෝක ප්‍රසිද්ධ වී තිබිණි. චීන ජාතික ෆාෂියැන් හිමින්ගේ ලංකාගමනය ඇතුළු කරුණු ගණනාවකින් එය සනාථ වෙයි. විද්‍යොදය සහ විද්‍යාලංකාර මහා පිරිවෙන් ඒ ආකාරයෙන් ම පවතින කල ඒවායින් බිහි කළ බෞද්ධ විද්වතුන් ප්‍රමාණය අති මහත් ය. සාමනේර හිමිවරු කුඩා කල සිට ම පිරිවෙන් අධ්‍යාපනය ලබා ගනිති. එ ලෙස කුඩා කල සිට දීර්ඝ කාලයක් අධ්‍යාපනය ලබා ශාසනය බබලවන මහා පඬි හිමි රුවන් බවට ඒ හිමිවරු පත්වෙති. මෙම පුහුණුව විශ්වවිද්‍යාලයකින් ලැබෙන්නේ නැත. එහෙයින් ථෙරවාදී කලාපයේ බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ මූල මහා පිරිවෙනක් පිහිටවිය යුතු බව අපි මෙයින් යෝජනා කරමු.



9 වැනි යෝජනාව - ථෙරවාද කලාප මහ ලේකම් කාර්යාලයක් පිහිටුවීම



ථෙරවාද කලාපයේ රටවල් සහ ප්‍රදේශ අතර සබඳතා කළමනාකරණයට සහ ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් සහ උපදේශන සේවා සැපයීම සඳහා පූර්ණ බලතල ඇති මහ ලේකම් කාර්යාලයක් පිහිටුවන ලෙස මෙයින් අපි යෝජනා කර සිටිමු.



10 වැනි යෝජනාව - රාජ්‍ය නායක මට්ටමින් ථෙරවාද කලාපීය සංවිධානයක් පිහිටුවීම



කලාපීය වශයෙන් ද, ගෝලීය වශයෙන් ද විවිධ අවශ්‍යතා සඳහා සංවිධාන පිහිටුවා ගෙන තිබේ. එ නමුදු, ථෙරවාද කලාපය තුළ රාජ්‍ය මට්ටමේ සහයෝගීතාව සියලු මට්ටමින් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය නායකත්වය සපයන රාජ්‍ය නායක මට්ටමේ සංවිධානයක් තවමත් ඇති කරගෙන නොමැත. එහෙයින් උක්ත මූලික අවශ්‍යතා සම්පාදනයෙන් අනතුරුව රාජ්‍ය නායක මට්ටමේ කලාපීය සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන මෙන් අපි මෙයින් යෝජනා කර සිටිමු.



උපදේශක සභාව


ථෙරවාදී කලාපයේ රාජ්‍යයන් අතර සබඳතා තර කරන මෙම සද්කාර්යය‍ සඳහා අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබාදීම උදෙසා ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ අති පූජ්‍ය භික්‍ෂුන්වහන්සේලා පිරිසකගෙන් ද මෙම කාර්යය වෙනුවෙන් නායකත්වය දිය හැකි ගිහි පරිසකින් ද සමන්විත උපදේශක සභාවක් පත් කරන මෙන් ද මෙයින් යෝජනා කර සිටිමු.

මෙම උපදේශක සභාවෙහි ගිහි පාර්ශ්වය නියෝජනය කිරීම සඳහා මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය චන්න ජයසුමන, මහනුවර විද්වතුන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ සංගමය වෙනුවෙන් මහාචාර්ය කේ. එම්. විජේරත්න සහ ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ යන මහත්වරුන්ගේ නම් අපි යෝජනා කර සිටිමු.



මානව සම්පත් ලේඛනය - 1


ථෙරවාදී කලාපයත් සමඟ සබඳතා තර කරගන්නා මෙම ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් කැපවිය හැකි දේශප්‍රේමී, ශාසනාලයෙන් යුතු පිරිසක් තානාපති සේවයට සම්බන්ධ කරගත යුතු බව ද අපි යෝජනා කර සිටිමු.

මේ සඳහා පහත සඳහන් අය කෙරෙහි අවධානය යොමු කරන මෙන් ද මෙයින් ඉල්ලා සිටිමු.

  • විශ්‍රාමික මේජර් ජෙනරල් ලලිත් දවුලගල
  • ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන
  • ආචාර්ය අබේ රත්නායක
  • ආචාර්ය ලිලන්ත සමරනායක
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම්


මානව සම්පත් ලේඛනය - 2


ථෙරවාද කලාපය සමඟ සබඳතා තර කර ගැනීම අරභයා ආරම්භ කරනු ලබන මෙම කාර්යයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් ඒ ආශ්‍රිත කරුණුවලට අදාළ පර්යේෂණ අඛණ්ඩව සිදු කළ යුතු වේ. ඒ වෙනුවෙන් ශාස්ත්‍රඥයන්ගේ පර්ෂදයක් ස්ථාපනය කර එහි සාමාජිකයන් ද අදාළ තානාපති සහ ප්‍රදූත කාර්යාලවලට අනුයුක්ත කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

අවශ්‍ය දැනුම සහ කැපවීම ඇති පහත සඳහන් විද්වතුන් මෙම කාර්යය උදෙසා අපි යෝජනා කරමු.

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල
  • ශාස්ත්‍රපති ධනේෂ් විසුම්පෙරුම
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉෂන්ක මල්සිරි
  • ගෞරව ශාස්ත්‍රවේදී සමීර ප්‍රසංග
  • ඉංජිනේරු අනුරාධ පියදාස
  • ආචාර්ය සසිත් රාජසූරිය
  • දිහාන් බණ්ඩාර කීරියවත්ත
  • ආචාර්ය ජානක වංශපුර