චීනය ඇතුළු ථෙරවාද රටවල් සමග ආර්ථික මෙන්ම සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව.
දකුණු බුදුදහමේ හෙවත් ථෙරවාද බුදුදහමේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. චීනයේ යුනාන් ප්‍රාන්තයට බුදුදහම පැතිරී ඇත්තේ අප රටිනි. එමෙන්ම වරක් හෝ දෙවරක් මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය සහ දකුණු වියට්නාමය හෙවත් ච්ම්පාවේ බුදුදහම යලි පුනර්ජීවනය ලැබීමට සිංහල බුදුදහමේ සහයෝගය නොඅඩුව ලැබිණි. පසුව අපට ද ඔවුන්ගේ සහයෝගය ලැබුණු බව වර්තමාන අපේ නිකාය තුනේ නම්වලින් පවා පැහැදිලි වේ.
සිංහල රාජකීයයන් වඳවී වී ගිය පසු අපි ජාතියෙන් තායි හෝ බුරුම බෞද්ධ කුමාරවරු මෙරටට ගෙන්වා අපේ රටේ රජු බවට පත් කර ගැනීමට ද උත්සාහ කර ඇත. අපට ඒ රටවල් සමඟ ආර්ථික මෙන්ම සංස්කෘතික දේශපාලනික ආදී සෑම ක්ෂේත්‍රයකම සහයෝගීතාව වර්ධනය කරගැනීමට අවශ්‍ය වේ. එමෙන්ම බංගලාදේශයේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ මෙන්ම වෙනත් රටවල ථෙරවාදීන් ට අපගේ සහයෝගීතාව ලබාදිය යුතු වන්නෙමු. මහායාන සහ තන්ත්‍රයාන බෞද්ධ රටවල් සමඟත් අපේ සහයෝගීතාව වඩා වර්ධනය කරගැනීමට රජයේ අවධානය යොමුවිය යුතු ය.
මේ පිලිබඳ සංවාදයක් ඇතිකර ඒ ගැන අපේ ජනාධිපති තුමා, අගමැතිතුමා ඇතුළු රජයේ සහ විපක්ෂනායක තුමා ගේ ද අවධානය යොමු කර මේ කර්තව්‍යය ප්‍රයෝගික වැඩපිළිවෙලක් බවට පත් කරගැනීම අත්‍යවශ්‍ය වේ.මේ පිළිබඳව ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල, මහාචාර්ය චන්න ජයසුමන , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉෂන්ක මල්සිරි, ජී.පී. සමීර ප්‍රසංග, කථිකාචාර්ය බුද්ධික කෝනාර වැනි වියතුන්ගේ අවධානය යොමුවේවා.
සුමේධ වීරවර්ධන




















No comments:
Post a Comment